(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
හැටන් නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ හා ඒ අවට පරිශ්‍රයේදී අද (01) දා දහවල් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 16 ක් සැක පිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසීය.
පැය දෙකක පමණ කාලයක් යුද හමුදාව සහ හැටන් පොලිසිය එක්ව මෙම සොදිසි මෙහෙයුම සිදු කළ අතර එම අවස්ථාවට පුපුරණ ද්‍රව්‍යය සොයාගැනීම සම්බන්ධව පුහුණුවක් ලබා ඇති කාතම් නැමති පොලිස් නිල සුනඛයාගේ සහයද ලබා ගන්නා ලදී.
පොලිසිය බාරයට ගත් මෙම පිරිස අතර වැඩි පිරසක් සිය අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි වූ අය බවත් එම පිරිස සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරන බවත් හැටන් පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.