(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතයේ ’හාවුන් ’ දඩයමේ ගිය පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවියක් පතුරොම් සහ වෙඩි තබා ඝාතනය කරන ලද හාවුන් දෙදෙනෙකු සමග දඹුල්ල වන සංරක්ෂණ නිලධාරීන් අද (01) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව දඹුල්ල බීට්ටු වන නිලධාරී එඩ්වඩ් නොයෙල් මහතා පැවසිය.
වන සංරක්ෂණ නිලධාරී කණ්ඩායමක් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ ඉනාමලුව රක්ෂිතයේ මුර සංචාරයක නිරතව ඇත්තේ කැලෑ ගිනි තැබීම් සහ දඩයක්කරුවන්ගෙන් දිගින් දිගටම සිදුවන හානි පිළිබඳව සොයා බැලීම සඳහා වන අතර අලුයම තුනට පමණ විදුලි පන්දම් එළියක් දැක රක්ෂිතයේ සැඟවී සිටිමින් දඩයමේ ගොස් නැවත නිවෙස් බලා යමින් සිටි මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව නිලධාරීහු කියති.
කාලයක් තිස්සේ මෙම පුද්ගලයන් ඉනාමලුව රක්ෂිතයේ වන සතුන් දඩයම් කරමින් සංචාරක හෝටල්වලට මස් අලෙවි කිරීම සිදු කරන බවත් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.
මෙම දඩයක්කරුවන් දිගින් දිගටම ප්‍රදේශයේ දඩ මස් අලෙවි කිරීම සඳහා නම් දරා සිටින පුද්ගලයන් බවත් සංචාරක හෝටල්වලට සහ විවිධ සාදවලට දඩමස් සැපයීම ඔවුන්ගේ රැකියාව බවට පත්ව ඇතැයි වර නිලධාරීහු කියති.
සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.