(ඩී.ජී.සුගතපාල)
ගාල්ල හාලිවල ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල සාදයක් අවසානයේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන දෙදෙනෙකුට තුවාල සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
තුවාලකරුවන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු ද පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ඇත.
මෙම මංගල උත්සයට පහලකීඹිය ප්‍රදේශයේ පිරිසක්ද සහභාගි වී ඇති අතර සාදය අවසානයේ ආපසු නිවෙස් වලට යාම සඳහා වාහන අංගනයට ගිය අවස්ථාවේ සැකකරු විසින් එම ගමේ දෙදෙනෙකුට පිහියෙන් ඇන තිබේ.
පොලිසිය පැවසුවේ සිද්ධිය වන අවස්ථාවේ දෙපාර්ශවයම බිමත්ව සිටි ඇති අතර සැකකරු සහ තුවාලකරුවන් ද සිල්ලර වෙළඳ සල් පවත්වාගෙන යන අය බවයි.