හවුන්ස්ලෝ ජනහඬ සංවිධානයේ සභාපති ශ්‍රිලාල් ඩයස් ඇතුළු නියෝජිතයෝ පිරිසක්, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නව මහකොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය හමු වුහ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පෝර්ට්කොලිස් මන්දිරයේ පැවැත්වු මෙම හමුව සඳහා පහසුකම් සපයනු ලැබුවේ හවුන්ස්ලෝ ෆෙල්තම් පාර්ලිමේන්තු මන්ත්‍රිනි සීමා මල්හෝත්‍රා මහත්මිය විසිනි.
හවුන්ස්ලෝ ජනහඬ සංවිධාන මඟින් ශ්‍රී ලංකාව තුළ සිදුකරන සමාජ සත්කාරක කටයුතු පිළිබඳ අවබෝධයක් ලබාදීමත් නව මහ කොමසාරිස්වරිය හට සීමා මල්හෝත්‍රා මන්ත්‍රීවරිය හඳුන්වාදීම මෙම හමුවේ මූලික අරමුණ විය. දෙරට අතර ද්විපාර්ශික සම්බන්ධතා ගොඩනගා ගැනීම හා එංගලන්තයේ ශ්‍රි ලාංකික ප්‍රජාවගේ ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කැරිණි.
ශ්‍රි ලංකා මහා කොමසාරිස් කාර්යලයෙන් පැමිණි දුත පිරිස අතරට නියෝජ්‍ය මහ කොමසාරිස් සුගීස්වර ගුණරත්න සහ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මහජන කටයුතු සම්බන්ධ අමාත්‍ය කේ. කේ යොගනාදන් ඇතුළත් වුහ. මෙහිදී ඉතා සුහදව අදහස් හුවමාරු කරගත් දෙපිරිස නැවත නුදුරු අනාගතයේදී මුණ ගෑසීමට ද තීරණය කරගත්හ.

![IMG_2521[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/IMG_25211.png)
![IMG_2536[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/IMG_25361.png)
![IMG_2550[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/IMG_25501.png)
