හලාවත සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වහයි


(ඔගස්ටින් ප්‍රනාන්දු)

ධීවර දෙපාර්තමේන්තුව විසින් මහවැව නගරයෙහි පවත්වා ගෙන යනු ලබන හලාවත සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය යළි දන්වන තෙක් තාවකාලිකව වසා දමා ඇති බව නියෝජ්‍ය ධීවර අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා පවසයි.

බහු දින ධීවර යාත්‍රාවකින් ඈත මුහුදෙහි මසුන් මැරීමට ගොස් සිටිය දි රෝගි වී ආපසු ගෙන්වා ගෙන රාගම රෝහලට ඇතුළු කර සිටි අඹකදවිල ධීවර කාර්මිකයා කොරෝනා ආසාදිතයකු වශයෙන් සෞඛ්‍ය අංශ විසින් හඳුනාගැනීමෙන් පසු කළ විමර්ශනවල දි එකී ධීවරයා මහවැව ධීවර කාර්යාලය වෙත ද පැමිණ යම් යම් රාජකාරි කරවා ගෙන ගොස් ඇති බව අනාවරණය කරගෙන ඇත. ඒ අනුව සෞඛ්‍ය අංශවල නියෝගය අනුව මෙම කාර්යාලය වසා නිලධාරින් ස්වයං නිරෝදායනයට ලක්  කිරීමට තීරණය ගත් බව නියෝජ්‍ය ධීවර අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා  කියයි.

කාර්යාලය වසා දැමු අතර එහි කාර්ය මණ්ඩලය තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටිමින් ස්වයං නිරෝධානයකට යොමු කර ඇත.