හලාවත වැවිලි සේවකයෝ දෙවැනි දිනටත් විරෝධතාවයේ


(ඔගස්ටින් ප්‍රනාන්දු)    
          
සීමාසහිත හලාවත වැවිලි සමාගමේ සේවකයින් විසින් ආරම්භ කළ විරෝධතාව අද (3) දෙවැනි දිනටත් හලාවත පිහිටි මහාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දි පැවැත්විණි. 

තමන්ට 2017 වසරේ ගෙවිමට නියමිතව තිබූ  ප්‍රසාද දීමනා සහ වාර්ෂික  කාර්යසාධන දීමනා කඩිනමින් ගෙවන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

ලංකා වතු සේවා සංගමය විසින් මෙම මෙම විරෝධතාවය සංවිධානය කර තිබු අතර එම සමාගමට අයත් සියයකට ආසන්න වතුවල සේවය කරන දහසකට ආසන්න සේවක පිරිසකට මෙම දීමනා ගෙවිය යුතුව ඇති බවත්  එම සංගමය පෙන්වා දෙයි. 

ඔවුන් සිය වතුවල සේවයෙන් ඉවත් වී විරෝධතාවට එක්ව සිටි අතර ඔවුහු  ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන  දොරටුව අවහිර කරමින් සිටි අතර එහි ඇතුළු වන අයට හූ කිහ.