(ඔගස්ටින් ප්‍රනාන්දු )
ගෙවිය යුතු ප්‍රසාද දීමනා හා කාර්යසාධක දීමනා වහාම ලබාදෙන ලෙස ඉල්ලා වතු සේවකයෝ අද (2) හලාවත වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹුහ.
මෙම විරෝධතාව සංවිධානය කර තිබු ලංකා වතු සේවා සංගමයේ සංවිධායක ආර්.එම්.පී සෝමරත්න මහතා මෙසේ කීවේය.
"හලාවත වැවිලි සමාගම යටතේ කලාප හයකට බෙදා වතු සියයකට වඩා වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. ඒවායේ සේවක සේවිකාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවය කරනවා. මීට කලින් වසර වලදීත් වාර්ෂිකව ඔවුන්ට හිමි දීමනා ලබා ගැනීමට විරෝධතා පැවැත්වුවා. එලෙසින්ම 2017 වසරේ දීමනාවන් ලබා ගැනීමට මෙසේ විරෝධතාවයේ නිරතවනවා"
හලාවත සහකාර කම්කරු කොමසාරිස් සනත් ලංකා මහතා පැවසුවේ බලධාරින් සමඟ සාකච්ඡා කර නිසි විසඳුමක් ලබා දෙන බවයි.