ජුඩ් සමන්ත
හදිසියේ ඇති වූ ගින්නකින් හලාවත පෞද්ගලික බස් නැවතුම්පොළ ආසන්නයේ පවත්වා ගෙන ගිය වෙළඳසැල් 7 ක් විනාශයට පත්ව ඇති බව හලාවත පොලීසිය කියයි.
අද (20) අලුයම 1.00 ට පමණ මෙම ගින්න හට ගෙන ඇත.
ගිනි ගෙන විනාශයට පත්ව ඇති වෙළඳසැල්වල පළතුරු සහ විසිතුරු භාණ්ඩ අලෙවි කිරීම සිදු කර තිබේ.
එක් වෙළඳසැළක හටගෙන ඇති ගින්න විනාඩි කීපයක් තුළ සෙසු වෙළඳසැල් වෙතද ව්‍යාප්ත වී ඇති බව පොලිසිය පවසයි.
ගින්න හේතුවෙන් කිසිවෙකුට හානි සිදුවී නැති බවත් සිදුවී ඇති අලාභය ද මෙතෙක් තක්සේරු කර නැති බව පොලිසිය සඳහන් කරයි.
උත්සව සමයේ අලෙවි කිරීම සඳහා විවිධ භාණ්ඩ මෙම වෙළඳසැල්වල ගබඩා කර තිබී ඇත.
විදුලිය කාන්දු වීමක් ගින්නට හේතු වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.
හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ පොලීසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.
හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.