ඔගස්ටින් ප්‍රනාන්දු
හලාවත කොළඹ මාර්ගයේ කාක්කපල්ලිය පම්බල දී අද (14) සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනකු මිය ගිය බව මාදම්පේ පොලිසිය කියයි.
මිය ගිය තරුණයන් දෙදෙනා මෙතෙක් හදුනා ගෙන නැති අතර ඔවුන් කිසියම් වැඩක නිරත විමට යමින් සිටි බව ද කියයි.
තරුණයින් දෙදෙනා කොළඹ දෙස සිට යතුරුපැදියකින් හලාවත දෙසට ගමන් කරමින් සිටිය දී කාක්කපල්ලිය පම්බල සුළු ධීවර සම්මේලන කාර්යාලය අසල දී වේගය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් කොළඹ දෙසින් හලාවත දෙසට ගමන් ගත් වෑන් රථයක පසුපස ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරට සම්බන්ධ වෑන් රථය හා රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.