හලාවත අනතුරකින් අයෙක් මරුට : තිදෙනෙක් රෝහලේ


(ජුඩ් සමන්ත සහ ඔගස්ටීන් ප්‍රනාන්දු)


හලාවත - කුරුණෑගල මාර්ගයේ මුන්නේෂ්වරම්   ප්‍රදේශයේදී  සිදුවී ඇති අනතුරකින් එක් පුද්ගලයකු  මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව හලාවත පොලීසිය කියයි.


අද (15)  අලුයම 5.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත -  විලත්තව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

තුවාල ලබා ඇත්තේ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.ඔවුන් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.


කුඩා ප්‍රමාණයේ ලොරියක්,වෑන් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.


 මාළු රැගෙන ඒම සදහා ගමන් කරමින් තිබූ කුඩා ලොරියක්  මාර්ගය හරහා දිව ගිය ගවයෙකුගේ ගැටීමෙන් පසුව ඉදිරියෙන් පැමිණ ඇති වෑන් රථයේ සහ යතුරු පැදියේ ගැටී  මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් ගවයාද මිය ගොස් ඇත.