හල්දුම්මුල්ල බොක්කුවක් අසළ පුද්ගල මළ සිරුරක්


(පාලිත නානායක්කාර)
 
හල්දුම්මුල්ල පුස්වැල්ල ප්‍රදේශයේ බෝක්කුවක් අසලින් අද (22)  පුද්ගල මළ සිරුරක් හමු වූ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
 
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල කළුපහන පදිංචි වීරසිංහ මුදියන්සේලාගේ වීරසිංහ නමැති 65  හැවිරිදි පුද්ගලයකු බවට පොලිසිය හඳුනාගෙන තිබේ.
 
 ඔහු පාසල් ළමුන් ප්‍රවාහනයේ නිරතවන තීරෝද රථ රියදුරකු බවටද පොලිසිය හඳුනාගෙන තිබේ.  ඔහුගේ තිරෝද රථය සහ එක් සෙරෙප්පුවක් මළ  සිරුර ඇති ස්ථානයට මීටර් දෙසීයක් පමණ නුදුරින් තිබූ බවත් පොලිසිය කියයි. මෙය පුද්ගල ඝාතනයක් ද යන්න සොයා ගැනීමට හල්දුම්මුල්ල පොලීසිය විමර්ශනය  ආරම්භ කර තිබේ.
 
 මහෙස්ත්‍රාත් මරණ  පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය. හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න සිල්වා මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.