හල්දුම්මුල්ල ප්‍රා. සභා අයවැය ඡන්ද 14කින් සම්මතයි


(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ  2021 අයවැය ඡන්ද 14කින් අද (8) සභා සම්මත විය.

සභාපති  අශෝක් කුමාර් සිංගමුත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී මෙම රැස්වීම පැවැත්විණි.

අයවැයට පක්ෂව ඡන්ද 14ක් ලැබුණු අතර තිදෙනක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.විපක්ෂව කිසිවකු ඡන්දය ලබා නොදුන් අතර මන්ත්‍රීවරුන් 20දෙනාගෙන්  තිදෙනෙක් ඡන්ද විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියහ.

මීට පෙර හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවරක් පරාජයට පත්වූ  බැවින් මෙවර අයවැය තේරී පත් වූ නව සභාපති අශෝක් කුමාර් මහතා සභාවට ඉදිරිපත් කළේය.