හමුදා ඇඳුම් සමග මුස්ලිම් ව්‍යාපාරිකයන් 04ක් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                                  

හොරණ නගරය ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිසිය හා යුද හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිලඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් සමග මුස්ලිම් ව්‍යාපාරිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම පුද්ගලයන් සමග හිස්වැසුම් 20ක්, කොට කලිසම් 31ක්, දිග කලිසම් 05ක් හා කමිස 10ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

වැටලීම අතරවාරයේදී ආරක්ෂක නිලධාරීන්ගේ ඇස් වසා එම ඇඳුම් පිටතට රැගෙන යාමට එක් පුද්ගලයකු උත්සාහ කළ බවද පොලීසිය කියයි.  

අත්අඩංගුවට ගත් පුද්ගලයන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.