හම්බන්තොට විශ්‍රාමලාභීන් විරෝධතාවක


(චන්ද්‍ර සේන ගමගේ)
 
වැඩිවන ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ආණ්ඩුව විසින් තමන්ට ලබා නොදෙන බවට චෝදනා කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශ්‍රාමලාභීහූ අද(08) දහවල් බෙලිඅත්ත නගරයේදී විරෝධතාවක් පැවැත්වූහ.
 
රාජ්‍ය සේවක විශ්‍රාමිකයන් සියයක් පමණ සහභාගි වූ විරෝධතාවය පැයක පමණ කාලක් පැවති අතර ඔවුන් ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ 2016 වසරේදී රාජ්‍ය සේවකයන්ට වැඩි වූ රුපියල් 10,000  දීමනාව තමන්ට ලබා දෙන ලෙසයි.
 
එමෙන්ම වර්තමාන රජය බලයට පත් වීම සදහා විශ්‍රාමිකයන්ට පොරොන්දු රැසක් දුන් බව පැවසූ විරෝධතාකරුවෝ එම පොරොන්දු සියල්ලම ආණ්ඩුව විසින් අමතක කර  ඇතැයි ද පැවසූහ.