(ජේ.කේ.එල්.චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
හබරාදුව ගිනටිගල හන්දියේ දී තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ එකම පවුලේ අයියා මලෝ තිදෙනෙකු නිතිඥයකුගේ මාර්ගයෙන් පොලිසියට බාර වු බව හබරාදුව පොලිසිය කියයි.
ඉකුත් 24 වැනි දා ගිණිගල හන්දියේ දී පිහිඇනුමට ලක්වී මෙසේ ඝාතනය කර තිබුණේ හබරාදුව මිපේ ඉස්කෝලවත්තේ පදිංචිව සිටි ලක්ප්‍රිය අකලංක ලොකුපට්ටිය (27) නැමති තරුණයෙකි.
මෙකී ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පොලිසියට බාරවු තිදෙනා මීපේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මීට වසර දෙකකට පමණ ඉහතදී විහාරස්ථානයක පැවති පෙරහරකදී ඇති වු ආරවුලක් නිසා දෙපාර්ශවය අතර පැවති පැරණි අමනාපයක් හේතුවෙන් මෙම ඝාතනය වී ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
එම ආරවුලෙන් පසු මෙම අයියා මලෝවරු තිදෙනා පදිංචිව සිටි නිවසට පිරිසක් ගොස් පහරදී ඇති බවද පොලිසිය කියයි. මේ සම්බන්ධව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවද පොලිසිය පවසයි.