හබරණදී සිදු වූ රිය අනතුරකින් 7 ක් රෝහලේ


(ක.ග කරුණාරත්න)

පොළොන්නරුව-හබරණ ප‍්‍රධාන මාර්ගයේ හබරණ දේවාලේ කඩේට ආසන්නයේදී  අද (23) අලූයම 2.50 ට පමණ  ලංගම බස් රියක් සහ වෑන් රියක් ගැටීම නිසා සිදුවූ අනතුරකින්  වෑන් රියේ ගමන් ගත්  පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලීසිය කියයි. 

තුවාලකරුවන් සියලු දෙනා ප‍්‍රතිකාර සදහා දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර  ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

ඔවුන් අතර කාන්තාවන් 04 දෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු  සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොළඹ මෝදර සහ පන්නිපිටිය යන ප‍්‍රදේශ වල පදිංචිකරුවන් වන  මොවුන්  සේමාවතිය පුදබිම වෙත වන්දනාවේ පැමිණෙමින් සිටියදී මේ අනතුර සිදුවී  තිබේ.

බස්රථයේ රිදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මින්නේරිය පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පවත්වයි.