(සමන් පාලිත නානායක්කාර )
රෝගී වූ බිළිඳෙකු ප්‍රතිකාර සඳහා හපුතලේ දිසා රෝහලට ඇතුලත් කරගැනීමට නොහැකි වූ නිසා බිළිඳෙකු මිය ගිය බව පවසා ඊට විරෝධය පළ කරමින් මියගිය බිළිඳාගේ ඥාතීහු ඇතුළු පිරිසක් අද( 23 ) දින හපුතලේ දිසා රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හපුතලේ පං කැටිය වත්තේ සිටි මසක් වයසැති බිළිදෙකි.
රෝගී වූ මසක් වයසැති බිලිඳා ඉකුත් 20 අලුයම හපුතලේ දිසා රෝහලට රැගෙන ආවද රෝහල් පිවිසුම් ස්ථානය වසා රෝගියා භාර ගැනීමට කිසිවෙක් නොසිටීම හේතුවෙන් මෙම බිළිඳු රෝගියා දියතලාව මූලික රෝහලට රැගෙන යන අතරතුර මියගොස් තිබේ.
පසුව අද( 23) දින දරුවා ගේ දේහය හපුතලේ දිසා රෝහලට රැගෙන විත් රෝහලේ පිවිසුම් ස්ථානයේ දී එදින සේවය කළ සේවකයාගේ ක්‍රියාකලාපයට විරෝධය පෑහ.
පසුව හපුතලේ පොලිසිය පැමිණ එම තත්ත්වය සමථයකට පත් කළහ.
මෙම සිද්ධියට වගකිවයුතු රෝහල් කණිෂ්ඨ සේවකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.