අරාබි දින දර්ශනයේ “හිජ්රි” 1437 රාමදාන් 1 න් ආරම්භ වූ රාමදාන් මාසය හෙවත් උපවාස මාසය සෞදි අරාබියේ ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව වෙත විශේෂ ස්ථානයක් හිමිව ඇති බව දැනගන්නට ඇත.
සෞදි අරාබියේ නැගෙනහිර පළාත තුළ රාමදාන් උපවාසය අත හැරීමේ මධ්‍යස්ථාන සියල්ලකම පාහේ ශ්‍රී ලාංකික සහ ඉන්දියා ජනතාව නියෝජනය කරමින් මුලිකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික මවුලව්තුමන්ට ලැබීම සතුටට කරුණකි.
සෞදි අරාබියේ ප්‍රධාන නගරයක් ලෙසින් සැළකෙන දමාම් නගරයේ උපවාසය අත හැරීමේ මධ්‍යස්ථානයේ ධර්ම දේශනා සහ අනිකුත් කටයුතු භාරව ශ්‍රී ලංකාවේ මොනරාගල බිබිලේ මවුලවි මොහොමඩ් අසිස් මහතා ද ක්‍රියාකරන අතර අල් කොබාර් උපවාසය අත හැරීමේ මධ්‍යස්ථානය භාරව බදුල්ල මොහොමඩ් අසාර් මවුලව් තුමා ද අල් හසා ප්‍රදේශය භාරව අලුත්ගම සෆ්රාඩ් මවුලව් තුමා ද ජුබෙල් මධ්‍යස්ථානය භාරව කැකිරාවේ ශාමින් මවුලව් තුමා ද ශ්‍රී ලාංකික සහ ඉන්දියා තමිල්නාඩු ජනතාව වෙනුවෙන් ධර්මදේශනා සහ අනිකුත් කටයුතු වෙනුවෙන් සම්බන්ධීකරණය කරයි.
මේ පිළිබදව මාධ්‍යයට අදහස් දැක්වූ දමාම් උපවාසයෙන් මිදීමේ කදවුරෙහි ශ්‍රී ලාංකිකයින් සහ ඉන්දීය ද්‍රවිඩ ජනතාව භාරව කටයුතු කරන මොනරාගල බිබිලේ අසිස් මවුලව් තුමා ප්‍රකාශ කළේ කිසිදු බේදයකින් තොරව ලෝකවාසි සියලු ජනතාව මෙම මධ්‍යස්ථානයට පැමිණ සහයෝගය ලබාදීම සඳහා ආරාධනා කරන බවයි.

![DSC00003[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC000031.png)
![DSC00005[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC000051.png)
![DSC00011[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC000111.png)
![DSC00012[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC000121.png)
