(දයාරත්න ඇඹෝගම)
එප්පාවල පොලිසිය මගින් අද (5) අළුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ මෝටර් රථයකින් ගමන් ගත් පුද්ගලයන් සිව් දෙනෙකු සහ වෙනත් චෝදනාවන් මත පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව,තඹුත්තේගම,කුඩාගම සහ තලාවේ පදිංචි පුද්ගලයන් පිරිසකි.
එප්පාවල නගරයේදී සැක කටයුතු මොටර් රථයක් පරික්ෂා කළ පොලිස් නිලධාරි එහි රෙද්දකින් ඔතා තිබු ව්‍යාජ පිස්තෝලයක් සහ පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
අනෙකුත් සැකකරුන් 12 දෙනා බීමත්ව රිය පැදවීමේ චෝදනාවන් මත සහ මාර්ග නීති කඩ කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් අද (5) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.