සොරාගත් යතුරු පැදි 5 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


කලුතර සහ පානදුර ප්‍රදේශවල මහමග නතර කර තිබූ යතුරු පැදි  පහක්  සොරාගෙන ඒවා කොටස් කර විකිණූ පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.
 
සැකකරුවන් එම යතුරු පැදි කොටස් විකුණා හෙරොයින් මත්කුඩු පානය කර ඇතැයි පොලිසිය පවසයි.

එම යතුරුපැදිහි වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ  වෙතියි පොලීසිය කියයි.
 
එම යතුරුපැදි අමතර කොටස් කලුතර හා මොරන්තුඩුව ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සන්තකයේ තිබී සොයාගත් බවත් විකුණාගත නොහැකි වූ යතුරුපැදි එංජිමක් ඇතුළු කොටස් කිහිපයක් මොරන්තුඩුව කෝලාන ඇළට දමා තිබියදී සොයාගත් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද(18) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.