රොමේෂ් මධුෂංඛ
වවුනියාව සේම මඩු රක්ෂිතයේ බුරුත දැව නීතිවිරෝධීව කපා කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මාමඩුව ඉදිකඩුව පාලම අසලදී අත්අඩංගුවට ගත් බව මාමඩුව පොලිසිය පවසයි.
මාමඩුව පොලිසිය පැවසූවේ සේමමඩුව රක්ෂිතයේ බුරුත ගස් කපා සිදුකරන නීතිවිරෝධී දැව ජාවාරමක් සම්බන්ධයෙන් මාමඩුව පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් සිදුකල වැටලීමකදී සැකකරුවන් හා බුරුත කඳන් පැටවූ කැබ් රථය අත්අඩංගුවට ගත් බවටයි.
අත් අඩංගුවට ගත් ලොරි රථයේ බුරුත දැව කඳන් 13 තිබූ අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව සේමමඩු හා ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.