සේනා දළඹුවන් පාලනය කිරීම සදහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කිරීම සඳහා කටයුතු සුදානම් කර ඇතැයි කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතාගේ උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක කර ඇත.
දැනටමත් දළඹුවාව භක්ෂණය කරනු ලබන විලෝපිකයන් සිව්දෙනකු හදුනාගෙන ඇති බවත් මෙම ජෛව පරපෝශිතයින් ක්ෂේත්‍රයට මුදා හැරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්වරා සඳහන් කරයි.
මේ වන විට මෙම පළිබෝධ හානිය සම්බන්ධයෙන් ඇත්දැකීම් ඇති රටවල් වලින් සහ අන්තර්ජාතික සංවිධන වලින් විද්වත් සහය ලබා ගැනීම ආරම්භ කර ඇති බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි
බඩඉරිඟු වගා කර ඇති හෙක්ටයාර් 82000න් මින් දළඹු හානිය හෙක්ටයාර් 43000ක් බවත් හානියෙන් මෙරට බඩඉරිගු අස්වැන්නෙන් සියයට 10 සිට 20 දක්වා අස්වනු හානිය සිදුවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.
පලිබෝධකයාගේ බිත්තර විනාශ කිරිම සඳහා ආරෝපිත විසුරුම් ක්‍රම භාවිතාකොට කෘමි නාශක ඉසීමත් හඳුන්වා දුන් තාක්ෂණ වලට ගොවීන් අනුගත කිරීමත් ගොවීන් සදහා උපදේශණයත් සිදු කිරීම ද මෙහිදී පියවර ගෙන ඇති බව කෘෂි අමාත්‍යංශය පවසයි.
ඉදිරියේදී ප්‍රතිරෝධී බඩ ඉරිඟු අභිජනනය කිරිම හා එම ප්‍රභේද අප රටට හඳුන්වාදීම සිදුකරන බව දෙපාර්තමේන්තුව පවසයි.
(36698)