(මොහොමඩ් ආසික් )
දිවයින පුරා බඩ ඉරිඟු ඇතුළු කෘෂි බෝග රැසකට හානි සිදු කරන සේනා දළඹුවා මධ්‍යම පළාත තුළ වෙනත් බෝගවලටත් ව්‍යාපත්ව වීම වැළැක්වීම සඳහා මෙවර යල කන්නයේ මධ්‍යම පළාත තුළ බඩ ඉරිඟු වගාවෙන් වැළකෙන ලෙස මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල මහතා පළාතේ ගොවීන්ගෙන් ඉල්ලා සිටී.
අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මධ්‍යම පළාතේ බඩ ඉරිඟු වගා කරනු ලබන්නේ හෙක්ටයාර් 600 ක් තරම් සුළු ප්‍රමාණයක් බවත් එයත් අතුරු බෝග වශයෙන් වගා කරන බවත් වෙනත් එළවළු ඇතුළු බෝග විශාල වශයෙන් වගා කරන නිසා මෙම සුළු බඩ ඉරිඟු වගාව නිසා බෝවන සේනා දළඹුවා නිසා අනෙකුත් බෝග විනාශ වීමට ඉඩ තිබෙන බැවින් තමන් ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම යල කන්නයේ හැකි තාක් බඩ ඉරිඟු වගාවෙන් වළකින ලෙස බවද කීය.
කෙසේ නමුත් බඩ ඉරිඟු වගා නොකරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක් කළ හැකි වුවත් තහනම් කළ නොහැකි බවත් රටේ මෙන්ම පළාතෙත් පවතින තත්වය අවබෝධ කරගෙන ගොවීන් කටයුතු කරනු ඇති බව විශ්වාස කරන බවත් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල මහතා කීය.