(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය, ගිනිගත්හේන, අඹගමුව යන ප්‍රදේශවල බඩ ඉරිඟු වගාවලටත් සේනා දළඹුවා ව්‍යාප්තව තිබේ.
අඹගමුව ප්‍රදේශයේ අක්කර 1 ½ පමණ වගාවක මීට දින කිහිපයකට ප්‍රථම සේනා දළඹුවන් පැතිර සිටි බව එම බඩ ඉරිගු වගාවේ අයිතිකරු ජී. ඩී. දයාසිරි මහතා පැවසීය.
බඩ ඉරිඟු ගස්වල පැතිර සිටින සේනා දළඹුවන් දිනපතා ඉවත් කරන බවත්, වගාව ආරක්ෂා කර ගැනීම සඳහා දිනපතා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් නිර්දේෂ කර තිබෙන අළු යොදන බවත් දයාසිරි මහතා කීවේය.
එම බඩ ඉරිගු වගාව අසළ ම වගාකර ඇති වී සහ එළවළු වගාවටද සේනා දළඹුවන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බබවද ඒ මහතා කීය.
නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට හැටන්, රුවන්පුර, නුවරඑළිය, වලපනේ, තෙරිපැහැ, ගිනිගත්හේන සහ අඹගමුවෙන් මේ වන විට සේනා දළඹුවන් ව්‍යාප්තව ඇතැයි සොයාගෙන ඇති බවද ඒ මහතා පැවසීය.