සේනා දළඹුවා වට්ටක්කා - කව්පි වගාවටත් පනී


(වසන්ත චන්ද්‍රපාල)
 
සේනා දළඹු විශේෂය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ ඉරිගු වගාව මෙන්ම වට්ටක්කා සහ කව්පි වගාවන් වලට ද හානි සිදුකරන බව වාර්තාවේ.

දැනට අම්පාර දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු අක්කර 3000ක් පමණ විනාශ කර දමා ඇති බව අම්පාර කෘෂිකර්ම අධ්‍යක්ෂක එම් සනීර් මහතා පවසයි.

දමන උහන වඩිනාගල පන්නල්ගම මංගලගම කෙවිලියාමඩුව යන ප්‍රදේශවල විශාල වශයෙන් හානි සිදු වී ඇත. 

මඩකලපුව කෙවිලියාමඩුව සුමනරත්න විහාරස්ථානයේ ඉරිගු අක්කර 15 කට පමණ දැනට විනාශ වී තිබේ.

මේ තත්වය යටතේ ගොවීහු  විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.