සේනා දළඹුවා ගෝවා - නෝකෝල් වගාවලටත් පනී


(කාංචන කුමාර ආරියදාස)
 
 
බඩඉරිඟු සහ තවත් බෝග කීපයක ව්‍යාප්ත වී සිටින සේනා දළඹු වසංගතය  මේවන විට මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ගෝවා සහ නෝකෝල් වගාවට ද ව්‍යාප්ත වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති.

පළමු වතාවට ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ නෝකෝල් සහ ගෝවා වගාබිම්වල සේනා  දළඹුවන්  සිඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

ගෝවා වගාව ආරම්භ වී සති කිහිපයක් ගතවන කාල වකවානුව වෙද්දී සම්පුර්ණයෙන්ම ගොබය සහ කොළ සේනා  දළඹුවාගේ ආහාර බවට පත්වෙන බවත් නෝකෝල් වගාවේ ද පත්‍ර විශාල වශයෙන් සේනා දළඹු හානියට ලක් වෙමින් පවතින බව ගොවීහු පවසති.

දින කිහිපය ඇතුළත සේනා දළඹුවන් කිහිපදෙනෙකු පමණක් මෙම වගා ක්ෂේත්‍රයේ දැකගැනීමට හැකිවූ බවත් මේ වන විට විශාල වශයෙන් ගෝවා වගාවේ සේනා දළඹුවන් පැතිර යමින් පවතින බවත් ගොවියෝ කියති.