චන්ද්‍රසේන ගමගේ
හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සූර්ය බලාගාරය ආසන්නයේ වන සතුන් දඩයම් කිරීම සඳහා කම්බි උගුල් අටවමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය.
අද (9) අලුයම සිදුකළ මෙහෙයුමකින් පසුව වනජීවි නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව විහාරගල ප්‍රදේශයේ පදිංචි අයෙකි.
ඔහු සූර්ය බලාගාරයේ රියදුරෙකු වශයෙන් සේවය කරන බවත් වනජීවි නිලධාරීහු පවසති.
සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ කම්බි උගුල් අටවමින් වන සතුන් දඩයම් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද දඩයක්කරුගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ප්‍රදේශයේ සැරිසරන මුවන් බවද වනජීවි නිලධරයෝ පවසති.
අත්අඩංගුවට පත් සැකකරු හා උගුල් ඇටවීම සඳහා යොදා ගත් යකඩ කම්බි තොගය අද (9) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකරුට රුපියල් 50,000 ක දඩයක් මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.