සිය නිවසේ සූදු පොළක් පවත්වාගෙන ගිය බේරුවල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් ඇතුලු පිරිසක් අද (08) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 9 දෙනකු ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කරයි.
පොලීසිය ලද තොරතුක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එහි තිබී මුදල් තොගයක් ද සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
(36698)