(ඩී.ජී.සුගතපාල)
වඳුරඹ දෙල්ගහවලකන්ද ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය සුදු පොලක් වටලා මුදල් ඔට්ටුවට සුදුවේ යෙදී සිටි 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි තිදෙනෙකු ඒ අතර වේ.
මෙම නිවසේ පෝය දිනවල සහ නිවාඩු දිනවල සුදු පිටියක් පවත්වා ගෙන ගොස් ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
අත් අඩංගුවට ගන්නා ලද කාන්තාවන් දෙදෙනා කම්කරු කාන්තාවන් බවද පොලිසිය පවසයි.
සැකකරුවන් හා සැකකාරියන් හෙට (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

