සුපිරි වෙළඳසැලකින් ලක්ෂ 13ක් කොල්ලකාලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
දෙහිවල ගාලු පාරේ සුපිරි වෙළඳසැලකින් රුපියල් 1,300,000 අධික මුදලක් සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
 
සොරකමට පැමිණි පුද්ගලයන් වෙළඳසැලේ ආරක්ෂක කැමරාවේ ගබඩා දත්ත ද රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
 
ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සිටියද සොරු වීදුරු දොර කඩා වෙළඳසැලට ඇතුළු වී ඇති බවද එහි සේප්පුව විවර කර මුදල් සොරාගෙන ගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියයි.
 
දෙහිවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.