සුපිරි වෙළඳසැලේ භාණ්ඩ සොරාගත් සේවකයා දැලේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
පිළියන්දල සුපිරි වෙළඳ ප්‍රදර්ශනාගාරයකට ඇතුළු වී රුපියල් ලක්ෂ හයකට ආසන්න භාණ්ඩ සොරාගත් එම ආයතනයේ සේවකයෙකු අද(08) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
 
සොරාගත් දේපළ අතර අත් ඔරලෝසු 75ක්, මිල අධික සාරි, ඩෙනිම් කලිසම්, කමිස ඇතුළු භාණ්ඩ රැසක් වූ බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරැ දින පහකට පමණ ඉහතදී එහි සේවයට බැඳුණු තැනැත්තෙකු බව අනාවරණය වී ඇත.
 
 සැකකරු රාත්‍රියේ වෙළඳ ප්‍රදර්ශනාගාරයට පැමිණ සොරකම් කරන ආකාරය සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබූ බවත් එහි කළමනාකරු කරන ලද පැමිණිල්ලකට අනුව දින දෙකක් පුරා කළ සෝදිසි මෙහෙයුමකින් පසුව එම සේවකයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පිළියන්දල පොලිසිය වැඩිදුරටත් පවසයි.