(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය නාච්චිකල්ලිය සුදුපියගම, ඉදිකිරීමට නියමිත ජාතික යොවුන් සේනාංකයේ,පුහුණු මධ්‍යස්ථානය සදහා,මුල් ගල් තැබීම ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂණ පෙරේරා මහතා අතින් සිදුවිය.
විනය නායකත්වය සහ මහා පෞර්ෂත්වයෙන් හෙඹි,යොවුන් පරපුරක් දැයට දායද කිරීමේ අරමුණ පෙරදැරිව මෙම යොවුන් සේනාංකය බිහිවන බැව්,මෙම අවස්ථාවට සහභාගී වූ ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඉදුනිල් ද සිල්වා මෙහිදී ප්‍රකාශ කළේ ය.
මෙතෙක් කල්පිටියේ තරුණ තරුණියන්ට හිමි නොවූ,අවස්ථාවක් වන විවිධ රැකියා සඳහා අත්වැලක් වන වෘත්තීය පාඨමාලා රැසක්ම මෙහිදී නොමිලේ හැදෑරීමට හැකි වනු ඇත.


