(බිඟුන් මේනක ගමගේ )
ශ්‍රී ලංකා සීමා නිර්ණය කොමිසමේ එක් කොමසාරිස් ධුරයක් මාස තුනක් තිස්සේ පුරප්පාඩු වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ත්‍රෛසාමාජික කොමිසමේ සාමාජිකයකුව සිටි මහාචාර්ය එස්.එච් හිස්බුල්ලා මහතාගේ අභාවයෙන් පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට මෙසේ එම ධුරය පුරප්පාඩු වී ඇත.
එම නිසා කොමිසමේ කටයුතු මේ වනවිට කරගෙන යනු ලබන්නේ එහි සභාපති ආචාර්ය කේ.තවලිංගම් මහතා සහ ආචාර්ය ඒ.ඩී බණ්ඩාරනායක මහත්මිය විසිනි.
අදාළ පුරප්පාඩුව සම්බන්ධයෙන් කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දන්වා ඇතැයි මේ ගැන කළ විමසීමේදී එහි සභාපති ආචාර්ය කේ.තවලිංගම් මහතා ‘ලංකාදීප’ යට කීය.
ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ස්වාධීන කොමිෂන් සභා නවයෙන් එකක් වන සීමා නිර්ණය කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 හා 95 (1) ව්‍යවස්ථාවලට අනුකූලව පිහිටුවා ඇත.