(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත්තේගොඩ දීපංගොඩ ප්‍රදේශයේ පාලු නිවසක ගංජා මත්ද්‍රව්‍ය රැගෙනවිත් සාදයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටි බව කියන උසස් පෙළ සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය කියයි.
මිතුරන් අටදෙනෙකු සමග මෙම සාදය පැවැත්වීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කියයි.
මත්තේගොඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
තරුණයන් තිදෙනෙකු එම නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 6ක සුරුට්ටු තුනක් තිබී සොයාගත් බවත් පොලිසිය පවසයි. පොලිසිය එම ස්ථානයට පැමිණීමට පෙර පානය කළ ගංජා සුරුට්ටුවක කොටසක්ද තිබී සොයාගෙන ඇත.
මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා පාසල් සිසුන්ගේ මව්පියවරුන්ද පොලිසියට කැඳවා පාසල් සිසුන්ට කරුණු පහදා දී ඇත.ඔවුන්ව කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

