( රොමේෂ් මධුෂංඛ)
යාපනයේ පාසලක හත් වැනි වසර ඉගෙනුම ලැබු සිසුවියකට අතවර සිදු කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව එම පාසලේ ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි.
විදුහල්පතිනිය සහ හා සිසුවිය ඉගෙනුම ලබන පාසලේ පංති භාර ගුරුතුමිය යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි ළමාරක්ෂණ නිලධාරී කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසුව එම කාර්යාලය මගින් යාපනය පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.
ඒ අනුව දැරියට අතවර කළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය මේ වන විට යාපනය මහ රෝහලේ වෛද්‍ය පරික්ෂණයකට යොමු කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.