(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර ප්‍රදේශයේ විදුහලක සිසුවෙකුට අමානුෂික අයුරින් පහර දී බරපතල තුවාල සිදු කළ බව කියන එම විදුහලේ ගුරුවරයෙකු අද (12) අත් අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
තුවාල ලැබූ සිසුවා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම සිසුවා එම විදුහලේ ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කරන බව පොලිසිය කියයි.
පහරකෑමට ලක් වූ සිසුවා අද (12) තවත් සිසුන් කිහිපදෙනෙකු සමඟ පුස්තකාලයේ රැඳී සිටියදී එම ස්ථානයට පැමිණ ඇති සැකකාර ගුරුවරයා මෙම සිසුවාට පහර දී තිබේ.