සිගරට් හොරට අලෙවි කළ ගුවන් හමුදා සැරයන්-කාන්තාවක් අත්අඩංගුවට


(ඩබ් ඒ පියතිලක)

 

අලෙවි කිරිම සදහා හොරට ගෙන්වා තිබු  සිගරට්  තොගයක්  සමඟ  ගුවන් හමුදා සැරයන්වරයෙකු සහ  කාන්තාවක් අද (24) පස්වරුවේ දි  හිඟුරක්ගොඩ  කඳවුර ප්‍රදේශයෙදි  අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව  සේවය කරන ගුවන් හමුදා සැරයන්වරයෙකු  බවත් කලක පටන් මෙම පුද්ගලයා විසින් ප්‍රදේශයේ වෙළදසැල් වෙත මෙම ව්‍යාජ සිගරට් අලෙවි කරන බවට  ලැබුණු තොරතුරක් මත මෙම වැටලිම සිදු කළ බව පොලිසිය කියයි.
 
මෙම ප්‍රදෙශයේම වෙළදසැලක් තුළ  අලෙවි කරමින් තිබු  ව්‍යාජ සිගරට් 26 ක් සමඟ වෙළදසැල හිමිකාරිය හා  ගුවන් හමුදා සැරයන්වරයාගේ  නිවසේ  සගවා තිබු ව්‍යාජ සිගරට් 8600ක්  සොයා ගත් බවත් සැකකරුවන්  දෙදෙනාම හිඟුරක්ගොඩ කදවුර ප්‍රදේශයේ  පදිංචිකරුවන්  බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
 
මෙම  සිගරට් ලබා ගැනිම් පිළිබද විමසිම් කළත් ඔහු පවසා ඇත්තේ වෙනත් පුද්ගලයෙකු විසින් තමන්ට ලබා දුන් බවත් එම පුද්ගලයා නොදන්නා බවයි.
 
අත්අඩංගුවට ගත්  සිගරට් තොගය සහ සැකකරුවන්  හෙට (25) දින හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.