සිංහපුර රක්ෂිතයේ හදිසි ගින්නක්


(දියතලාව - ඩී.කේ.රත්න)

හාලිඇල ප්‍රාදේශීය ලේකමි කොට්ඨාශයට අයත් බෝගහමඩිත්ත සිංහපුර රක්ෂිතයේ අද (30) දහවල් ඇතිවූ හදිසි ගින්නකින් රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.

මෙම ගිනි ගැනීම නිසා මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාඛ විශේෂ රැසක් හා දුර්ලභ ගණයේ ඖෂධ පැලෑටි රැසක් ගිනිගෙන විනාශවී ඇත.

කිසියම් පුද්ගලයෙකු විසින් හෝ කිසියම් කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීමට හෝ විනෝදය සහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතයි හාලිඇල පොලීසිය කියයි.

හාලිඇල ප්‍රදේශයට අද (30) හවස 2.00 පමණ ඇද හැලුණු වර්ෂාපතනයත් සමග මෙම ගින්න නිවී තිබේ. මෙම නිසා හාලිඇල කද්දෙගෙදර සහ අලුගොල්ල ප්‍රදේශවලටද පැතිරීයාමේ අවදානමට ලක්ව තිබු මෙම ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇත.