සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්


(හැටන් රංජිත් රාජපක්ෂ)  

                     
හැටන් වන අඩවි කර්යාලය යටතේ පාලනය වන හැටන් සිංගිමලේ රක්ෂිතයේ අද (02) පස්වරු 2 ට පමණ ගින්නක් හට ගෙන ඇත.

උඩරට දුම්රිය මාර්ගයේ සිංගිමලේ දුමරිය උමං මාර්ගයේ පිහිටි රක්ෂිතයේ හට ගත් ගින්න කඳු බෑවුමේ සිට කඳු මුදුණ දක්වා ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතී.

පැතිර යමින් පවතින ගින්න පාලනය කිරීම සදහා වන අඩවි කාර්යාලයේ නිලධාරීන් යුධ හමුදාවේ සහය ඉල්ලා ඇත.

ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව වන අඩවි කායාලයේ නිලධාරීහු සැක කරති.

හැටන් නගරයට පානීය ජාතික ජල සම්පාදන මණ්ඩය මගින් පානිය ජලය ලබා ගන්නා ජලාශයක්ද මෙම රක්ෂිතය බැවුමේ පිහිටා තිබේ.

මෙම රක්ෂිතය තුළ වන අඩවි කාර්යාලය මගින් වන වගාවක්ද සිදු කර ඇති අතර මෙහි විශේෂ පක්ෂි සහ සිව්පා විශේෂ රැසක් වාසය කරති.