(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් සහ ගල්කිරියාගම පොලිසියේ සේවය කරන පොලිස් සැරයන්වරයකු පැදවූ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් සැරයන්වරයා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පොලිස් කොස්තාපල්වරයා සැකපිට ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරින් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයාගේ පාදයකට බරපතළ හානි සිදු වී ඇති බවත් ඔහු මේ වනවිට රෝහල් ගත කර අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් ගලේවෙල පොලිසියේ පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් ගලේවෙල පොලිස් කොස්තාපල්වරයා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.