(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර වෑකඩ ප්‍රදේශයේ නිවසක ත්‍රී රෝද රථ රියැදුරෙයකුට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු අද(03) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ත්‍රී රෝද රථ රියැදුරුගේ බිරිඳගේ මව, පියා සහ නැගණියද වන බව පොලිසිය පවසයි.
පිහි පහරින් තුවාල ලැබූ රියැදුරු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
කොටස් දෙකකට කැඩුණු පිහියක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
රියැදුරු සහ සැකකාර බිරිඳ ඇගේ මහගෙදරට ගිය අවස්ථාවේ ඇති වූ බහින්බස්වීමක් නිසා ඉකුත් 30 වැනිදා මෙම පිහි පහර එල්ලකර ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් අනතුරුව සැකකාරිය හා පවුලේ සාමාජිකයන් දින කිහිපයක් නිවස හැරගොස් සිට අද(03) එහි පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.