(සුමතිපාල දීයගහගේ)
නවදගල අටකොහොට කුමාරසිංහ මාවතේදී 35 හැවිරිදි පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මරණකරුගේ බිරිඳ සහ ඇගේ මව අද (7) අධිකරණයට ඉදිරිපත් කරන බව ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නවදගල කුමාරසිංහ මාවතේ පදිංචිව සිටි අයි ඩී චින්තක රුවන් කුමාර නැමැති අයෙකි. අධිකරණයේ පවරා තිබු දික්කසාද නඩුවකින් පසුව ඊයේ (6) මොහු තම බිරිඳගෙන් නීත්‍යානුකුලව වෙන්වී ඇත.
ඊටපසුව ඊයේ රාත්‍රි (06) මරණකරු පිහියක්ද රැගෙන බිරිඳගේ නිවසට ගිය විට ඔහුගේ බිරිඳ (28) සහ ඇගේ මව (59) විසින් පොල්ලකින් පහරදීමෙන් මරණය සිදුවී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙලිවී ඇත.
මියගිය පුද්ගලයාගේ සිරුර ඇල්පිටිය රෝහලේ මෘතශරිරාගාරයේ තැන්පත්කර ඇති අතර ඒ පිළිබද පශ්චාත් පරීක්ෂණය අද (7) සිදු කිරිමට නියමිව ඇත.