සම්පත් ප්‍රියනන්දන
සුපිරි වාහනයකින් පැමිණ විහාරස්ථානවල සවිකර ඇති පිං කැට කඩා මුදල් සොරකම් කළ සංවිධානනාත්මක කල්ලියක පුද්ගලයන් දෙදෙනෙකු සුපිරි වාහනයක් සහ සොරාගන්නා ලද මාරුකාසි මලු පහක් සමඟ අද (18) බලන්ගොඩ නගරයේ දී අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
පසුගිය දිනවල බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථාන දහයකට ආසන්න සංඛ්‍යාවක පිංකැට කඩා මුදල් සොරකම් කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
මෙලෙස සොරගන්නා ලද මුදල් මාරු කිරිම සඳහා නගරයේ ඇති මුදල් මාරුකරන සුපිරි වෙළඳසලකට රැගෙන යන අවස්ථාවේදී ලද තොරතුරකට අනුව ඉතා සුක්ෂම ලෙස පරික්ෂණ කර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
මෙම සුපිරි වාහනය වාහන කුලියට දෙන ආයතනයකින් කුලියට ගෙන ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලදී හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කැබිතිගොල්ලෑව හා කලවාන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.