(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
2015 ජනාධිපති මැතිවරණයේ දී කොලොන්නාව උමගිලිය ක්‍රීඩා පිටියේ පැවති දේශපාලන රැස්වීමකට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු තලංගම පොලිසියේ කොස්තාපල් රියදුරෙකුගේ නිල හැඳුනුම්පතක් සමඟ අත්අඩංගුවට ගත්බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
ගංජා බෙදාහැරීමේ ජාවාරමේ පුද්ගලයෙක් නිරත වන බවට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව අංගොඩ හිඹුටාන ප්‍රදේශයේ දී ගංජා ග්‍රෑම් 10 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වූ ඔහුගේ සොහොයුරාගේ කාමරයේ නිදන ඇඳේ මෙට්ටය යට තිබී එම නිල හැඳුනුම්පත සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.