සිතුම් චතුරංග
වවුනියාව , පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේදී අතුරුමාර්ගයක අත්බෝම්බ, පිස්තෝල සහ එම පිස්තෝලයට යොදන ජීව උණ්ඩ සමඟ අත්බෑගය දමා පලාගිය සැකකරුට ආයුධ සැපයූ බව කියන පුද්ගලයකු වවුනියාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම පොලිසිය කියයි.
පැනගිය පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම පුද්ගලයා හට ජීව අත්බෝම්බ ඇතුළු ආයුධ සපයා ඇත්තේ මෙම සැකකරු බවට තොරතුරු අනාවරණය විය.
අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව සාලම්බකුලම් ප‍්‍රදේශයේ පදිංචි නෙයිමුත්තුරාසා සුදාකරන් නොහොත් ‘ගුණා’ ලෙස ප‍්‍රකට පුද්ගලයෙකි.
ඔහු වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ පැය 72 කාලයක් රැඳවුම් බාරයේ තබාගෙන ප‍්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.