සැකකටයුතු 7 ක් පන්නලදී අත්අඩංගුවට


( හේමලතා ඩී හේවගේ)

පන්නල පොලිස් වසමට අයත් ඇලබඩගම හා බම්මන්න යන ප්‍රදේශයන්හි  කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී  කටයුතු පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර ලියාපදිංචි නොමැති බැංකුවක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජාතිකයන්ද වන බව පොලිසිය කියයි.

ඇලබඩගම ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක ලියාපදිංචි නොමැති බැංකුවක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජාතිකයන් පිරිසක්ද මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් වයස අවුරුදු 40 -50 අයවලුන් බවත්  පොලීසිය කියයි.

සැකකරුවන් විසින් ණය ලබාදිම්, මුදල් එකතු කරගැනිම් කරමින්,දේශන  පවත්වා ඇති බවත් ඔවුන් සන්තකයේ තිබු රන් භාණ්ඩ,මුදල්, ලිපි ලේඛන හා රබර් මුද්‍රාද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත්වුවන් සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරිමට නියමිතව ඇති බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර සංචාරක වීසා මත රැඳි සිටි ඉන්දීය ජාතිකයන් තිදෙනෙකුද වන අතර ඔවුන් වයස අවුරුදු 30 -40 අතර වන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.