( චමිල් රූපසිංහ)
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රසායනික අපද්‍රව්‍ය රෝහල් භුමිය තුළ නිසි ක්‍රමවේදයකින් තොරව ගොඩගසා තිබිම හේතුවෙන් රෝග බෝ විමේ අවදානමක් මතුව තිබේ.
සායනික අපද්‍රව්‍ය කිසිම අයුරකින් බාහිර පරිසරයට නිරාවරණය නොවිය යුතු අතර එසේ වුවහොත් දැඩි පාරසරික හානියක් මෙන්ම පුද්ගල සෞඛ්‍යයටද දැඩි ගැටළුවක් මතු වේ.
රෝහලෙන් ඉවත් කරනු ලබන මෙම සායනික අපද්‍රව්‍ය එලිමහනේ බැහැර කර තිබිම නිසා රෝහල් භුමිය තුළ මේ වන වට දුගදක්ද හමා යමින් පවතී.
මෙහි ඇති සායනික අපද්‍රව්‍ය සුනඛයන් හා කාක්කන් මගින් තැන් තැන් වලට ගෙනගොස් දමන අතර එමගින්ද රෝහල කරා ප්‍රථිකාර ගැනිමට පැමිනෙන රෝගින් හට විශාල සෞඛ්‍ය ගැටලුවක් පවතින බව රෝගීහු ද පවසති.
මෙම රසායනික අපද්‍රව්‍ය මීට සති කිහිපයක පටන් මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවත් මෙම රසායනික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයට ඉතාම ආසන්නව රෝහලේ මුළුතැන්ගෙය හා ලේ බැංකුව ද ඇති බවත් එයද දැඩි අවදානමක් බවත් ඔවුහු පවසති.
මේ සම්බන්ධව රෝහල් අධ්‍යක්ෂක අර්ජුන තිලකරත්න මහතාගෙන් විමසීමේදී ඔහු පැවසුයේ මෙවැන්නකි.
"රෝහල් වලින් ඉවත් කරන රසායනික අපද්‍රව්‍ය පරිසරයට අහිතකර නොවන අයුරින් විනාස කිරිමේ ගැටලුව මෙම රෝහලට පමණක් ඇති ගැටලුවක් නොවේ.
මෙම රසායනික අපද්‍රව්‍ය ඉවත් කර ආයතනය අධිකරණ හේතුවක් මත තාවකාලිකව එම කටයුතු නවතා තියෙනවා.
එම ආයතනයේ වැඩකටයුතු නැවත ඇරැඹිමට නියමිතයි. අනතුරුව කඩිනිම්න් සෞඛ්‍යාරක්ෂිත අයුරින් මේවා විනාශ කරලිමට පියවර ගන්නවා."