සහෝදරයන් 7කගේ ළමයින් බලා පාළු නිවසක තනිවෙයි


සමන් විජය බණ්ඩාර
 
සහෝදරයන් හත් දෙනෙකුගේ දරුවන් රැක බලා ගත් අවිවාහක කාන්තාවl  ලෙඩ වුවායින් පසුව කෑමක බීමක් නොමැතිව මාස ගණනක් තිස්සේ පාළු නිවසක   දමා ගොස් සිටියදි අද  සොයා ගත් බව  මාවනැල්ල පොලිසිය කියයි.
 
පොලිසිය ඇය සොයා යන විට ඇය  සිහිසුන්ව නිවසේ සාලයේ වැටී සිටි බවත්, ඇගේ කකුලේ තුවාලයක පැසවා සැරව ගලමින් තිබුණු බවත් පොලිසිය කියයි.  පසුව ප‍්‍රදේශවාසින්ගේ සහායෙන් මාවනැල්ල මූලික රෝහලට ඇතුලත් කර ප‍්‍රතිකාර කරමින් සිටියදි   ඇය මිය ගිය බව පොලිසිය පවසයි.
 
මිය යන විට ඇගේ වයස අවුරුදු 60 කි.  
 
ඇය   පවුලේ සහෝදර සහෝදරියන් අතරින් 5 වැනි දරුවා වන අතර පවුලේ ගැහැණු දරුවන් සිව් දෙනෙකු සිටින බවත්,   දෙමාපියන් මිය යෑමෙන් පසුව ඇය එම නිවසේ තනිවම ජීවත් වී ඇති බවත් කියති.
 
අසල්වාසි නිවාස වලට පැමිණ ඔවුන්ටද උදව් පදව් කරමින් සහෝරයන් 7 දෙනාගේ දරු මුනුබුරන්  බලා කියා ගනිමින් අදායමක් සොයා ගැනීමට වට්ටි පැදුරු වියා විකිණු බවද ගම්වාසීහු පැවසූහ.  
 
නිවසේ වැටී සිටි  කාන්තාවට ගම්වැසියන්ගෙන්ද කෑම බිම පවා නොලැබුණේ එම නිවසට යෑම පවා ඉතා දුෂ්කරකාරියක් වූ හෙයිනි.  දුගඳ හමන නිවසේ බිම වැටි කෑමක් බීමක් නොමැතිව සිටි කාන්තාව සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසින්ගේ ඉල්ලිමකට අනුව එම ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි මහතා   මාවනැල්ල පොලිසියේ ළමා කාන්තා කටයුතු කාර්යංශයට දැනුම් දී තිබේ.