පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව එම අභ්‍යාසය නිම කර යළි ලංකාවට පැමිණිමට නියමිතය.
පසුගිය පෙබරවාරි 02 වැනිදා එම නෞකාව කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් විය.
ඒ අනුව, 2019 පෙබරවාරි 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහි දී රටවල් 44 ක නාවික හමුදාවන්වලට අයත් නෞකාවන් සහ ගුවන් යානා විශාල ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් පැවති මෙම අභ්‍යාසය සඳහා තොරතුරු හුවමාරුකර ගැනීම, අන්න්‍යෝන්‍ය අවබෝධය සහ සහභාගීත්වය, නාවික කටයුතු සඳහා පොදු අවශ්‍යතාවයන් හඳුනාගැනීම, සාගර ආරක්ෂක මෙහෙයුම්, ත්‍රස්ත විරෝධී මෙහෙයුම්, සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් සහ මානුෂීය ආධාර මෙහෙයුම් ආදි වූ අභ්‍යාස රැසක් ඇතුළත්ව තිබූ අතර, එම සියළු අභ්‍යාස සාර්ථක ලෙස නිමා කිරීමට ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවට හැකි වී තිබේ.
ඒ අනුව, පසුගිය පෙබරවාරි 14 වන දින මෙම අභ්‍යාසය අවසන් කර ඇති අතර, ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මේ වන විට අබුඩාබි වරායට සේන්දු වී ඇත.
පෙබරවාරි 22 වන දින අබුඩාබි වරායෙන් පිටත් වීමට නියමිත නෞකාව 28 වන දින දිවයිනට පැමිණිමට නියමිතව ඇත.
(36698)