(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට පහර දුන් සැකකරු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශ නිලධාරීන් අද (12) ලේකම් කාර්යාල ඉදිරිපිට විරෝධතාවයක නිරතවුහ.
පුත්තලම මුල්ලිකුලම් 617 ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරි ජේ.එම්. ජාසිම් නැමති අයට ඔහුගේ කාර්යාලය තුළදී සමෘද්ධිලාභීයකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බව කියයි.
අදාළ පහරදීම සිදුකළ තැනැත්තා විසින් සමෘද්ධි කාර්යාලයට පැමිණ ඔහු පැමිණි කටයුත්ත ප්‍රමාද වු බව පවසමින් තිබු පෝලිමෙන් පිටින් පැමිණිමට උත්සහ කිරීමේදි එය නොකරන ලෙසට කළ ඉල්ලීමෙන් පසුව පහර දී ඇති බව කියයි.